Friday, June 3, 2016

ඔබ නැවතුණ තැන






ඉතිං ඔබ ඔය නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ

එතීගත් සියොළඟ
අතීතය, ප්‍රේමය යයි නම් ලද
 ඉසියුම් ම හද ඉසවුවල ගැල්වුව
තිත්ත ම තිත්ත කාඩිය

තවමත් හද ගැහෙන 
මතක ඝටිකාවකට වුව
නැවතී සිටියැකිද 
ආපසු යා හැකිද

මල් පෙති සුබ පැතුම් පත්
අව පැහැව රන් මුදු රාමු මැද
සල් උයන් පවා හිස් වූ විට
පර මල් රකිනු ඇයි, කුමටද?

කුහුඹුවෙකි කාලය
වෙනස් කොට තාලය
කුඩා අඩි තබ තබා 
අනාගතයට ඇවිද යන

ඉතිං ඔබ ඔය  නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ

02-05-2016

4 comments:

  1. // කුහුඹුවෙකි කාලය
    වෙනස් කොට තාලය
    කුඩා අඩි තබ තබා
    අනාගතයට ඇවිද යන//

    හරි අපූරු වචන ඇමුණුමක්...

    ReplyDelete

  2. තවමත් හද ගැහෙන
    මතක ඝටිකාවකට වුව
    නැවතී සිටියැකිද
    ආපසු යා හැකිද

    ReplyDelete
    Replies
    1. සල් උයන් පවා හිස් වූ විට
      පර මල් රකිනු ඇයි, කුමටද?

      Delete