Monday, June 19, 2017

ගසක හදවත එහෙම ය.....




හදෙහි ගැඹුරු ම පතුළත
පැතිර දිව ගිය මුල් රැස
උතුර උතුරා වැඩූ සනහස
නැගූ තැන මුදු මදහස
මල් පිපුණු ඒ තුරු හිස

පිපෙන පිපෙනා  මල් මත
අතුර  අතුරා සුවඳ මුවරද 
ඉතිරි කර ගත් දෙයක් නැති එක
ඒ තමා ගසක සෙනෙහස

එකම එක මලකට
මිස සියක් මල් වෙත
නො බැඳිය යුතුයි කීවද
පළමු සහ අවසාන මලට ද
බැඳුණු සෙනෙහස එකම ය
ගසක හදවත එහෙම ය


19-06-17

No comments:

Post a Comment