Wednesday, June 28, 2017

පා ලකුණු..



ආලයේ වෙරළ මත
පා ලකුණු ඇඳුණේ ම
කාලයේ ඉම නො දැක 
මැකී යනු පිණිස ය..

රළින් රළ නො නගන්න
පා ලකුණු සුරකින්න
විසල් සයුරෙන් යමෙක්
නො ඉල්ලූ වරද ය..

ඒ කවිය වෙරළ මත
කිසිවෙකුත් ලියා නැත
ලියූ අය වෙරළ වෙත 
කිසිදාක ඇවිත් නැත..


28-06-2017


No comments:

Post a Comment