නියං දුක් වැහි අකුණු පසුකර
පර මලින් ළය වැසෙනු ඉවසා
මල් නඟයි තුරු හිස
පවන් රැල්ලක් සෙමෙන් අමතා
'අරන් යනවද සුවඳ ලොව වෙත?'
අසයි ඒ මහ ගස
තෙතක් නැති බොල් පාළු අහසක
සිහිල් හිරිපොද සෙමෙන් අතුරා
පාව යයි මේඝය
ජීවිතේ බිම වැටෙන තැන්වල
වේදනා පිරිමදින නිම්නය
ඒ තමයි ප්‍රේමය
11-04-2016
\\ජීවිතේ බිම වැටෙන තැන්වල
ReplyDeleteවේදනා පිරිමදින නිම්නය
ඒ තමයි ප්‍රේමය\\
ලස්සනයි පද පෙල. මං කැමතියි කෙටි වෙන තරමට. අහම්බෙන් ආවෙ, දිගටම එන්නම්කො. ජය වේවා...
ස්තූතියි. ආයෙත් එන්න.
Deleteජීවිතේ බිම වැටෙන තැන්වල
ReplyDeleteවේදනා පිරිමදින නිම්නය
ඒ තමයි ප්‍රේමය
පට්ට
ස්තූතියි.
Deleteම්ම්.. හරිම ලස්සනයි..
ReplyDelete"වේදනා පිරිමදින නිම්නය" මං කැමති ඒ කොටසට...
ස්තූතියි සිතූ.
Delete