හමා යන්නෙමි
දමා අතහැර
රමණීය කඳු අතර සැඟවුන
මරණීය මතක නිම්නය
හොවා ළය සුරැකි
සිහිනයෙන් සිහිනය
දවා මඟ වියදමට
දහස් ගව් දුර ගෙවා ආ මඟ
මැකුණු විට පිය සටහන්
ලකුණු කළ හැකිද බිතු සිතුවම්?
නිමා කරනෙමි එබැවින්
පමා වූ රංගය
නමා හිස
පහත්කොට වැරහැලි තිරකඩ
26-04-2016
Nice one... :)
ReplyDeleteමැකුණු විට පිය සටහන්
ReplyDeleteලකුණු කළ හැකිද බිතු සිතුවම්?
meka maru
ස්තූතියි කස්ස.
Delete// සිහිනයෙන් සිහිනය
ReplyDeleteදවා මඟ වියදමට //
හරිම ලස්සන පද ඇමුණුමක් මෙතන මට...
ස්තූතියි ඔබට.
Deleteහරිම ලස්සනයි........... මේ මාලතී නේද????? අපිට පාර කිව්වේ රන්සිරිමල් කියලා කමෙන්ට් කරුවෙක් දේශාගේ බ්ලොගයේ..... සින්ඩියටත් දා ගත්තා. ඔබේ හයිකු අද්දර ගැන පහුගිය ටිකේ අපි දිගට ම කතා කරා. හයිකු ගැන ලොකු සාකච්ඡාවක් හදා ගන්නට අපිට හැකි වුණා. හයිකු ගැන පෙර සිට ම ලියූ ඔබත් එතැන හිටියානං කියලා හිතුනා.
ReplyDeletehttp://kurutugegeepawra.blogspot.com/
සින්ඩියට - http://kurutugegeepawra1.blogspot.com/
ඔබට ස්තූතියි කුරුටු ගෑ ගී පවුර..
Deleteබ්ලොග් කියවන්න සහ කමෙන්ට් කරන්න ලැබෙන වෙලාව අඩුයි. සින්ඩි ගැන තියෙන දැනුමත් අඩුයි. පුලුවන් විටෙක අදහස් දැක්වීම්වලට සහභාගී වෙන්නම්.