Tuesday, April 26, 2016

මරණීය මතක




හමා යන්නෙමි
දමා අතහැර 
රමණීය කඳු අතර සැඟවුන
මරණීය මතක නිම්නය 

හොවා ළය සුරැකි 
සිහිනයෙන් සිහිනය
දවා මඟ වියදමට 
දහස් ගව් දුර ගෙවා ආ මඟ

මැකුණු විට පිය සටහන්
ලකුණු කළ හැකිද බිතු සිතුවම්?

නිමා කරනෙමි එබැවින්
පමා වූ රංගය
නමා හිස 
පහත්කොට වැරහැලි තිරකඩ


26-04-2016


7 comments:

  1. මැකුණු විට පිය සටහන්
    ලකුණු කළ හැකිද බිතු සිතුවම්?


    meka maru

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කස්ස.

      Delete
  2. // සිහිනයෙන් සිහිනය
    දවා මඟ වියදමට //
    හරිම ලස්සන පද ඇමුණුමක් මෙතන මට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට.

      Delete
  3. හරිම ලස්සනයි........... මේ මාලතී නේද????? අපිට පාර කිව්වේ රන්සිරිමල් කියලා කමෙන්ට් කරුවෙක් දේශාගේ බ්ලොගයේ..... සින්ඩියටත් දා ගත්තා. ඔබේ හයිකු අද්දර ගැන පහුගිය ටිකේ අපි දිගට ම කතා කරා. හයිකු ගැන ලොකු සාකච්ඡාවක් හදා ගන්නට අපිට හැකි වුණා. හයිකු ගැන පෙර සිට ම ලියූ ඔබත් එතැන හිටියානං කියලා හිතුනා.

    http://kurutugegeepawra.blogspot.com/

    සින්ඩියට - http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි කුරුටු ගෑ ගී පවුර..
      බ්ලොග් කියවන්න සහ කමෙන්ට් කරන්න ලැබෙන වෙලාව අඩුයි. සින්ඩි ගැන තියෙන දැනුමත් අඩුයි. පුලුවන් විටෙක අදහස් දැක්වීම්වලට සහභාගී වෙන්නම්.

      Delete