Thursday, January 21, 2010

සිත බිඳුණු කවියාන



සිත බිඳුණු කවියාන


අහස බලනු බැරි මට නුඹෙ කඳුල       පෙනේ
පොළොව බලනු බැරි මට නුඹෙ සුසුම දැනේ
අහස පොළොව අහිමිව අපි උපන්        බිමේ
කුමට සකිය මේ කවි කම් උරුම          උනේ

වාන    ඇරිය වැව් බඳ දෙදරා           හැලුණි
නේන ගමන් ගොස් සගයින් එහි       ගිලුණි
හීන පේන මානේ මරු වැල්             ඇදුණි
මාන බලා තරු ඇසකට ගිනි             බිඳුණි

අකුරු මිසෙක විස ඊතල නොපෑ          සකි
පතොක් මලෙක සුවඳත් කව් කෙරූ    හැටි
නපුරු කලට ගෙට ආ පිරිපත            සුරැකි
නුඹේ කඳුල බොඳ වුණි මා ඇසින්      වැටි

සැඩ හිරු හතක් පායා ගිනිගත්         නුවර
බිහිරිව ගොළුව නිදියන පුර සෙනග    මැද
අවදිව ඉඳන් උන් වෙනුවෙන් ගැයු  විහඟ
ඔය ලේ ගලන කව් හිමි අදටද        හෙටද

-මාලතී -

01/10

2 comments:

  1. Harima lassanai,

    kaviya gana godak welaawata api kawruth wagee piliganna
    akamathi deyak, magaharala yanna bari widihata apiwa Luhubandala apita eeththu ganwanna samath wenawa mee kaviya.

    ee thmai, apee hadawathata kinda bahala siyum weedanaawak athi karanna, wiyalunu ahak agata kandulu binduwaka seeraawak gena enna Jana kaviyata thiyena hakiyaawa kochcharada?
    eeka mee tharamin wena1kata karanna puluwanda kiyana1.

    oya mee kawiya wena widihakata Liwwanam...?

    ehenam saththai,

    "numbee kandula maa asin watii bonda nowanna" ida thibuna!

    ee witharak nemei, ehenam mee mohothe,

    "ahasa polowa ahimiwa api upan bimee
    kumata sakiya mee kavikam uruma unee?"

    kiyala hadawathata dukak nodanenna godak welaawata ida thibuna!

    - prasad nirosha

    ReplyDelete
  2. Thuthi Prasad!novak thuthi..

    ReplyDelete