Sunday, January 10, 2010

“රාජාලි පියාපත” -දොරට වැඩීම


ඊයෙ ජගත් ජේ. එදිරිසිංහ අයියගේ පොත් දොරට වැඩීම හෙවත් “රාජාලි පියාපත” තිබුණා කොළඹ...ලෝකෙ පුරා විසිරිලා ඉන්න බූන්දි සහෘදයින් බොහොම දෙනෙක් එකතු වුණ හැන්දෑවක් ඒ .. ඇහැට දැකලා නැති වුණත් සිතින් සිතුවිලි ස්පර්ශ කරලා තිබුණු නිසාම හරියට පවුලෙ අය කාලෙකින් එකතු වුණා වගෙයි දැණුනෙ.


ජගත් අයියගේ සංවේදි කතා බහ සහ ඉදිරිපත් කිරීම් ඇහැට කඳුලක් ගෙනාවා...හෂිත අයියගෙත් සංඛ ගෙත් ඉදිරිපත් කිරීම් අනර්ඝයි. සර්පයා ගෙ සාරවත්, දිග, ඒත් කම්මැලි නැති කතාව මට මතක් කළේ හැමදාම බූන්දි ඔන් ලයින් හරහා සිද්ධ වෙන අපූරු සංවාද.....ඒත් කාලය කළමණාකරනය වුණා නම් තවත් effective සංවාදයකට යන්න තිබුණ බව කාටත් හිතුණා.....

ජගත් අයියා “ ඉස්කෝලෙ කාලෙ කතා” ගැන කිව්වෙ “ඇහැට කඳුලක් නොනැගී ඒ පොත තමන්ගෙ වුණත් තමන්ට කියවන්න බෑ කියලා...ගෙදර ඇවිත් පොත කියවද්දි මටත් ඒ දේම වුණාම මම ඒකෙන් තේරුම් ගත්තෙ ඒ කතාව මට කොයි තරම් ළඟද කියන එක වගේම ඊටත් වඩා ඔහු ඒ කතාව මොන තරම් සාර්ථකව ඉදිරිපත් කරලා තියෙනවද කියන එකයි...

පැමිණ සිටි සහෘදයින්ගෙ ආදරය වගේම දුර ඉඳන් ළඟ හිටපු මහේෂ්, තුෂාරි, මංජුල අයියා ඇතුළු කට්ටියගෙ සුවඳත් හොඳින් දැණුනා..

රස කතා නම් ගොඩයි...ගම්මාළු ගස ළඟ ප්‍රේමය,කැළුම්ගෙ දේශපාලනික ඊ මේල්, චූල ගණිත කතා, වීරයාගෙ ‍දිග කොණ්ඩෙ, කූඹියා ඇත්තටම කූඹියෙක්ද යනාදී එකී මෙකී නොකී කතා බස් නිසා රෑ වෙලා, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දොර වහන්න බලන් හිටපු මනුස්සයා අපිව එළියට තල්ලු නොකළා විතරයි...(ඇත්තම කියනවානම් තල්ලු කළා)

දවස නිමා වුණේ නැවත මෙවැනි සැඳෑවන් යළි යළිත් උදා වේවා කියන ආදරණීයවූ ප්‍රාර්ථනාවෙන්....


-මාලතී-
10-01-2010

10 comments:

  1. Anonymous11/1/10 00:05

    aha.... api hemotama ehemai ehenam... :)

    ReplyDelete
  2. Ahannath sathutui...Hamuweema saha venaswa dakinna labeema lokuma sathutak Kalum :)

    ReplyDelete
  3. koombiya koombiyekda yannada dan apa hamuwe athi dawena prashanaya? [hik meeya lakuna HINA]

    ReplyDelete
  4. ජගත් ගේ "ඉස්කෝලෙ කාලේ" පොත කියවමින් අතීතකාමයේ ගිලෙමින් සිටිමි.

    දොරට වැඩුම් උළෙලේ දී මා ලැබූ වැදගත්ම අත්දැකීම නම් පශ්චාත් නූතනවාදය හෝ සයිබර් කවිය හෝ එවැනි මල ඉලව් ගැන අමුතු උනන්දුවක් නැති එතැන සිටි බහුතරය කේ.කේ. සමන් කුමාර ගේ විනාඩි හැත්තෑවේ මහා ආඛ්‍යාණය තරණය කළ ආකාරයේ මා දුටු අපුරු බවයි.

    රසික

    ReplyDelete
  5. malathhie11/1/10 09:08

    Aliyek koombiyek lesa waradiyata sanjaananaya Kara ganeema dawena prashnayakata maga padiya hakiya (alinne ape kerum hina)

    ReplyDelete
  6. රසික අයියා කියූ දේට එකගයි. ඒත් ඒ අපූරු බව තුළ කණගාටුදායක බවකුත් දැණුනා...ඒ අදහස් ටික බහුතරයට ග්‍රහණය කරගන්න අපහසු වීම.මම දුටු විදිහට ඒකට හේතුත් තිබුණා.

    ReplyDelete
  7. @malathhie-

    Grrrrr Grrrrr!

    ReplyDelete
  8. මාලතී මම කොන්ඩෙ කැපුවනේ අද....... ෂික්...මම මේක කලින් දැක්ක නම් කපන්නෙ නෑ ඇත්තටම..!

    වීරයා.

    ReplyDelete
  9. konde kapuwa? :(

    ReplyDelete