ඉරුණු තැන් පිරිමදින අහසකි
මැරුණු මල් පෙති සිඹින පොළවකි
ඇරුණු මතකයෙ සොහොන් ගැබ මත
පිරුණු ඉතිරුණු ඇසකි සයුරකි
දළුලන්න බැරි සිසිර මොහොතක
ගිලිහෙන්න කමටහන් අවැසිද
යළි එන්න බැරි අඳුරු නිම්නය
මළවුන්ට තරු නැගූ අහස ද?
බෙන්සාරු කළ කඳුළු බිඳකින්
කන්තාරු නින්නාද නෑහෙන
සංවාද කළ රැයක දෑසින්
සංවේග වේදනා වෑහෙන
කියන්නට කිසිදාක බැරිවුණ
වදන් නැති කවි හදක චිතකය
දවන්නට හිත හදා ගනු බැරි
නොවැම්බරයකි රිදෙන මතකය
22-11-17